පෙර පාසැල් දරුවන්ගේ මව්වරුන්ට මා සේවයක් කරන කල්හි මව්වරුන්ගේ අසීමිත වැඩ පෙන්නුම් කරන සංකේතයක් සොයා ගැනීමට අපි වෙහෙසුනෙමු. ඩයපර් මාරුකිරීම, නාස් පවිත්‍ර කිරීම, සෙල්ලම් බඩු ඇහිඳීම සහ තවත් දේවල්ය. අපගේ ඉදිරියේම සංකේතයක් තිබුණි. බිම වැටී තිබුණු විසි කළ හැකි ජූස් පෙට්ටියකි. මව්වරුන්ට තමන්ව හිස් ජූස් පෙට්ටියක් මෙන් පෙනෙනවා විය හැකිය. මව්වරුන්ව උපරිමයට පිරවිය හැකි ජේසුස් වහන්සේ වන ජීවනදායක ජලය නැමති…
ඔබ වංචනිකයෙක් යයි ඔබට කවදා හෝ හැඟී තිබේද? ඔබ තනිව නැත. 1970 දී පර්යේෂකයන් දෙදෙනෙකු හඳුනා ගත්තේ යමෙක් තමාගේ නිපුණතා, තලෙන්ත හෝ හැකියාවන් සැක කිරීම සහ තමන් බොරුවක් යයි සිතීම වංචාකාර චර්යාව බවයි. සාර්ථක සහ අති දක්ෂ අය පවා තමන්ගේ නොහැකියාවන් සමඟ පොර බදිති. ඔවුන්ගේ ජීවිත වල කඩතුරාව හැර යමෙක් ඇතුළට එබී බැලුවහොත් තමන් කොපමණ දේ නොදන්නේදැයි ඒ අයට පෙනේවි…
මගේ වෙදැඟිල්ල තුවාල වූ විට එය නැවත යථා තත්ත්වයට පත් වීමට පෙර මාස ගණනාවක් වේදනා විඳීමට සිදුවේ යයි මම සිතුවෙමි. මට කියා දුන් ව්‍යායාම් කළ පසුව ඊට ආසන්නව ඇති ඇඟිල්ල වේදනා දෙන්න පටන් ගත්තේය. එම නිසා මම එය ගැන මගේ වෛද්‍යවරයාගෙන් විමසුවෙමි. “අනුකම්පාවේ වේදනාව” යයි ඔහු කීවේය. වෙදැඟිල්ලෙන් විහිදෙන නහර අනික් ඇඟිලි සමඟ යැපීමක් ඇති කරයි. එක ඇඟිල්ලක් වේදනා විඳින…
භූමිතල ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් පෙර පාසැල් ක්‍රීඩා පිට්නියක් වටා වැටක් බැඳීමේ ප්‍රතිඵල හැදැරූහ. වැටවල් නොමැති පිට්ටනි වල දරුවෝ පාසැල් ගොඩනැගිල්ල සහ ඔවුන්ගේ ගුරුවරිය වටා එකතු වූ අතර අයාලේ ගියේ නැත. නමුත් වැටවල් ඇති ක්‍රීඩා පිට්ටනිවල ඔව්හු මුළු පරිසරයම භාවිතා කරති. පර්යේෂකයන් නිගමනය කළේ සීමාවන් නිදහස පිළිබඳ විශාල හැඟීමක් ඇති කරන බවයි. සීමාවන් අපගේ ප්‍රීතියට බාධාවක් යයි සිතන බොහෝ…
ඇලබාමා බෲටන්හි ලීසා සහ ෆ්‍රෙඩීට ආපන ශාලාවක් අයත්ව තිබුණේය. පෝලිමේ සිටින සැමට ඔව්හු නොමිළයේ උණු උණු ආහාර වේලක් සපයති. මෙම යුවළ බොහෝ විට ආහාර වේලක් නොලබා සහ කලාතුරකින් ආපනශාලා අත්දැකීමක් භුක්ති විඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙනසක් ඇති කිරීමට ඔවුන්ගේ ඉතුරුම් ආයෝජනය කර තිබේ. ආධාර පෙට්ටියක් දීමනා ලබා ගනියි. “සමහර විට කිසිවක් එහි නැති බව අපි දකින්නෙමු. සමහර විට ස්තුති කිරීමේ…
බයිබල් විදුහලක භාරකාරත්ව අරමුදලට මා බැඳුණු පසු දීර්ඝ කාලීනව එහි සිටි නායකයා ඔහුගේ විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළේය. අලුත් සභාපති කෙනෙක් සෙවීමේ කටයුත්තට සහභාගී වීමට මටද සිදුවිය. එක්ව අපි දීර්ඝ සුදුසුකම් ලැයිස්තුවක් සැකසූවෙමු. එවැනි අත්‍යාවශ්‍ය සංකීර්ණ භූමිකාවකට කෙනෙකු සොයා ගන්නේ කෙසේද?
එසේම කූඩාරමෙහි පහන් රුකෙහි දෙවියන් වහන්සේගේ විශේෂ විස්තර ගැනද මම සිතුවෙමි. මල්ද මල් පෙතිද කොට්ටම්බා මල් වැනි මල්ද අතු හයක්ද…
බර්ට් තම ක්‍රෙඩිට් කාඩ් පත ආපන ශාලා බිල මතින් තැබීය. වේටර් නැමී එය දෙස බලා “පොඩ්ඩක් ඉන්න. මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි කියන මේ පුද්ගලයා කව්ද? ඒක මහ උද්දච්චකමක්” යයි කීවේය. තම ක්‍රිස්තියානි මූල්‍ය සමාගම විසින් කාඩ් පතේ මුද්‍රණය කර ඇති ජොහන් 14:6 හි ජේසුස් වහන්සේගේ වචන වෙත වේටර්ගේ අවධානය යොමුවී ඇති බව බර්ට්ට පැහැදිලි වුනේය. වේටර්ගේ ප්‍රතිචාරය නිසා සිනහසෙමින්…
ටෝයි ස්ටෝරි නම් සප්රාණික චිත්‍රපටියේ දරුවෙක්ගේ සෙල්ලම් භාණ්ඩ ඔහු කාමරයෙන් පිටතට ගිය විට හෝ නින්දට පත් වූ විට හෝ ප්‍රාණවත් වන්නේය. එහි අභ්‍යාවකාශ චරිතයක් වන බස් ලයිට්ඉයර් කාමරය අවට පියාසර කරමින් “අනන්තයට සහ ඉන් ඔබ්බට” යනුවෙන් ශබ්ද නගන්නේය.
එය බොහෝ අය ව්‍යාකූල තත්ත්වයට පත් කරන වැකි කඩකි. අනන්තය ඔබට යා හැකි දුර පමණක් නොවේද? අනන්තයට ඔබ්බෙන් යමක් තිබෙන්නේ කෙසේද? පුරාණ…
අපේ පවුලේ අය මගේ පියා වෙනුවෙන් සිහිකිරීමේ මෙහෙයක් ගඟ අද්දර පැවැත්වූ අතර ඔහුව මතක තබා ගැනීම සඳහා අප එකිනෙකා ගලක් තෝරා ගතිමු. ඔහුගේ ජීවිතය දිනුම් පැරදුම් වලින් යුත් දාම් ලෑල්ලක් බඳු විය. නමුත් ඔහුගේ හදවත අප වෙනුවෙන් වූ බව අපි දැන සිටියෙමු. මගේ ඇඟිලි වලින් ගලේ මෘදු පැත්ත ස්පර්ශ කළෙමි. ඔහු මගේ ළඟින් සිටින බව මට සිහිපත් කර ගැනීමට එය…
එක් රාත්‍රී යාමයක ඇත් පැටවෙකු ළිඳකට වැටී ඇති බව දන්වන දූරකථන පණිවුඩයක් කෙන්යානු වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණි. ගළවා ගන්නා කණ්ඩායම පැමිණෙන විට ඝණ අන්ධකාරය බලාපොරොත්තු සුන්වීමේ හඬවල් වලින් දෝංකාර දුන්නේය. දිවියන් විසින් ඇත් පැටවාගේ හොඬවැලින් තුන් කාලක් පමණ කා දමා තිබුණි. අනාථාගාරයට ගෙන යන අතර ඔව්හූ ඇත් පැටවාට “ලෝං යූරෝ” යයි නම් තැබීය. එහි අර්ථය වූයේ “කපන ලද යමක්” යන්නයි.…